නවතම පුවත්

විදුලි බිල 70%කින් වැඩි කරන්න ඉල්ලලා

අසංක

අසංක

විදුලි බිල යළි වැඩිකිරීමක් පිළිබඳ මහජන උපයෝගිතා කොමිසම මෙතෙක් සලකා බලා නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් යළි විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවට ප්‍රකාශ වූ පසුබිමකදී ය.

විදුලිබල මණ්ඩල නියෝජිතයින් ආර්ථික ස්ථායීකරණය සඳහා වූ ජාතික සභා අනු කමිටුවට පවසා ඇත්තේ, දැනට මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70%කින් පමණ වැඩිවිය යුතු බවය. 

විදුලි බල ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයන් ඊයේ ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කමිටුවට කැඳවා තිබුණි.

ඒ විදුලිබල ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීමට අදාළ යෝජනා ලබාගැනීමට ය. එහිදී විදුලිබල මණ්ඩල නියෝජිතයින් ජාතික සභා අනු කමිටුවට මේ බව පෙන්වා දී ඇත.

පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් 2023 වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට මේ වනවිට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් ජාතික සභා අනු කමිටුවට දැනුම් දී ඇත්තේ කැබිනට් අනුමැතිය හිමිවූ විදුලි ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් වූ යෝජනා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිත බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්