නවතම පුවත්

සංචාරකයින් ලක්ෂ 30ක් ගෙන්වන සැලසුමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන 2023 වසරේ දී ලක්ෂ 15 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් 2024 දී එම ඉලක්කය ලක්ෂ 30 ක් බවත් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (01) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“මේ අවුරුද්ද අවසානය වෙද්දී අපේ ඉලක්කය තිබ්බේ ලක්ෂ 8ක සංචාරකයෝ ගෙන්න ගන්න.මම විශ්වාස කරනවා අද වෙනකොට දෙසැම්බර් පළවෙනිදා ලක්ෂ හත හමාරක් වෙන්න තව ලක්ෂයක්, එකයි විස්සක් විතර තව ඕන වෙනවා අපිට. හැබැයි මට විශ්වාසයි දෙසැම්බර් මාසය කියන්නේ ලංකාවේ පිටරට හිටපු අපේ ඩයස්පෝරාව, ඔවුන් අවුරුදු දෙක තුනකට ලංකාවට ඇවිත් නැහැ. මේ දෙසැම්බර් මාසයේ අපිට විශාල සංචාරකයෝ ප්‍රමාණයක් ලංකාවට එන මාසයක් බවට පත්වෙයි. ජනවාරි පෙබරවාරිවල දැනටම බුකින් ඉතාමත්ම හොඳින් ලැබිලා තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබෙනවා. 2023 අපේ ඉලක්කය ලක්ෂ 15 දක්වාත්, 2024 දී ලක්ෂ 30 ක් දක්වාත්, සම්පූර්ණ ජම්ප් එකක් ගන්න, ඒ ජම්ප් එක ගන්න අවශ්‍ය අවුරුද්ද වෙන්නේ 2023.“

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්