වහාම ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (VAT) සහ විදුලි සංදේශ බදු ඉහළ දමන බව අග්‍රාමාත්‍ය කාර්යාලය අද (31) නිවේදනය කර තිබේ.
ඒ අනුව එකතු කළ අගය මත බදු (VAT) 8% සිට 12% දක්වා ඉහළ නංවා ඇත.
එමෙන්ම විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කළ බවද එහි සඳහන් වේ.
මීට අමතරව ඉදිරියේදී වැඩිවන බදු සංශෝධන පිළිබඳව ද මෙලෙස ඉදිරිපත් කර ඇත.