විදෙස්ගතව සිට මෙරටට පැමිණ සිටින සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳ විශේෂ සමීක්ෂණයක් ආරම්භ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.
ශ්‍රමිකයින්ගේ රැකියා සුරක්ෂිත කිරිමේ අරමුණින් මෙම සමීක්ෂණය හා දත්ත රැස් කිරීම ආරම්භ කර ඇති බව කාර්යාංශය සඳහන් කර සිටී.
පසුගිය අප්‍රේල් 17වැනිදා සිට මේ දක්වා ශ්‍රමිකයින් 7000 ක් පමණ දිවයිනට පැමිණ ඇති බවද කාර්යාංශය සඳහන් කර සිටී
අප්‍රේල් 17වැනිදා ට පෙර දිවයිනට පැමිණ කොරෝනා තත්ත්වය හේතුවෙන් යළි විදෙස්ගත වීමට නොහැකිව සිටින ශ්‍රමිකයින්ට ඒ පිළිබඳ තොරතුරු 1989 ක්ෂණික දුරකතන අංකයට ලබා දිය හැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දේ.