පැතුම් වික්‍රමරත්න
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇත .
එම මාර්ගෝපදේශ මාලාව අනුව මෙරටට පැමිණෙන විදෙස් ගමන් බලපත්‍ර හිමියන් ඩොලර් 50,000ක රක්ෂණාවරණයක් ලබාගත යුතු ය.
මෙරට සිටින කාලය තුළදී කොවිඩ් ආසාදනය වුවහොත් රෝහල්ගතවීමට දැරීමට සිදුවන වියදම් ඉන් ආවරණය විය යුතු බව එහි සඳහන්වේ .
මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද (28) සිට බලපැවැත්වේ.