විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ආණ්ඩුව ඇතුලෙන් යෝජනාවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩු පාර්ශවයෙන්ම කඩිනම් යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

මේ සඳහා වන කෙටුම්පතක්ද මේ වනවිට සකස් කරමින් ඇති බව වාර්තාවේ.

කෙටුම්පත සකස් කිරීමේ කටයුත්තට ජයම්පති වික්‍රමරත්න මහතා මුල්වී කටයුතු කරන බවටද තොරතුරු වාර්තාවේ.

එසේම මෙම යෝජනාව ගෙන ඒමට මුල්වී කටයුතු කරනුයේ එජාපය තුල සිටින රනිල් හිතවාදී කණ්ඩායම වන බවටද දැනගන්නට ඇත