පක්ෂ විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහි විනය පරීක්ෂණ මේ සතිය තුළ අවසන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කර සිටී.
ඉන් අනතුරුව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට එම පරීක්ෂණයන්හි තීන්දු ලබා දීමට නියමිත බවද මහාචාර්යවරයා අප වෙබ් අඩවියට පැවසීය.
ඩිලාන් පෙරේරා, එස්.බී දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ගාමිණි විජිත් විජයමුණි යන මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙම විනය පරීක්ෂණ ක්‍රියාත්මක ය.
මේ අතර පක්ෂයේ තීරණවලට එරෙහිව යමින් කටයුතු කළ පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහි විනය පරීක්ෂණ ද කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේ ය.