නවතම පුවත්

‘සතුරන්ගේ ප්‍රහාරයට ලක්වෙමින් නොසැලී සිටි විමල් දෙවැනි වුණේ මට විතරයි’- අගමැති

අසංක

අසංක

විරුද්ධවාදීන්ගෙන් කොපමණ ප්‍රහාරයට ලක් වූවත් කිසිවකින් තමන්ගේ යුතුකම අත නොහැරපු දේශපාලන චරිතයක් ලෙස විමල් වීරවංශ තමාට පමණක් දෙවැනි වූ අයකු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 20ක් සපිරීම නිමිත්තෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවති ‘විසි වසක විරවංශය ’ උත්සවයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කර සිටියේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

“මට මතකයි 2008ට කලින් විමල් නිසා ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් නොලබපු ජයග්‍රහණ ලබනකොටත් විමල්ටත් ජනතා විමුක්ති පෙරමුණටත් ගහපු හතුරෝ ගොඩක් හිටියා. 

2008 විමල් ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට බැස්සාම ඒ අය ප්‍රසිද්ධියේ කිරිබත් කෑවා. 

විමල්ගේ කරදරේ ඉවරයි කියලා හිතාගෙන එදා ඉඳලා ඒ අය ජනතා විමුක්ති පෙරමුණට ගහන එක නතර කළා. 

නමුත් විමල් බින්දුවේ ඉඳන් පටන් අරන් ආයෙම තමන්ට අයිති යුතුකමක් තියෙනවා කියලා හිතාගෙන ඒ යුතුකම වෙනුවෙන් සුපුරුදු ප්‍රහාරය පටන් ගත්තාම අර හතුරෝයි ජේ.වී.පී එකයි දෙගොල්ලොම එකතු වෙලා ආයෙම විමල්ට ගහන්න පටන් ගත්තා. 

ඒ ප්‍රහාරයටලක් වීමේ ශක්තිය විමල්ට නොඅඩුවම ලැබුණා. එක දිගටම ලැබුණා. 

ඒ විතරක් නෙමෙයි කොපමණ ගැහුවත් කොපමණ රිදුනත් අපමණ දුක්ගැහැට වින්දත් ඒ කිසිවකින් තමන්ගේ යුතුකම එක දශමයකින් වත් අත නොහැරපු දේශපාලන චරිතයකට අපේ කෘතගුණ දක්වන්න, ඒකට ඉන්න වඩාත් සුදුසු කෙනා මම කියලයි මට හිතෙන්නේ. 

මොකද විමල් එහෙම ප්‍රහාරයට ලක්වෙනකොට විමල් දෙවැනි වුණා නම් දෙවෙනි වුණේ මට විතරයි. “

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්