නවතම පුවත්

විනිසුරු ගිහාන්ට එළපු දැලේ රන්ජන්ම පැටලෙයි – විමර්ශන හෙළිදරව්වක්

අසංක

අසංක

රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සිද්ධියට අදාළව ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා කළ පැමිණිල්ලක් හා ඉල්ලීමක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිඛිතව කරුණු දක්වා තිබේ.

2015-2016 කාලයේදී එවකට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගෙන් තර්ජන තිබූ බවට වන විනිසුරුවරයාගේ පැමිණිල්ල සහ ආන්දෝලනාත්මක හඬපටවලට අදාළව නඩු තීන්දු සම්බන්ධයෙන් ගොතන ලදැයි කියන සාක්ෂි පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා කමිටුවක් මගින් කරන ලද විමර්ශනවලින් හෙළි වූ කරුණු එම ලිපියේ සඳහන් කර තිබේ.

විමර්ශනයෙන් දැනට හෙළි වී ඇති කරුණුවලට අනුව විනිසුරුවරයාට හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් තර්ජනය කළ බවට අනාවරණය වී ඇත.

ඒ පිළිබඳව විනිසුරුවරයා විසින් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලට අදාළව ඔහුට උපදෙස් ලැබී ඇත්තේ රංජන් රාමනායක මහතා සමග අඛණ්ඩව සංවාද පවත්වාගෙන යන ලෙසයි.

විනිසුරුවරයා විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සමඟ නඩු තීන්දුවලට අදාළව එලෙස සංවාද පවත්වාගෙන ගොස් ඇත්තේ තමා ඔහුට ලැබුණු උපදෙස් පරිදි බවට තහවුරු වී ඇතැයි එම ලිපියේ සඳහන්ය.

කෙසේ වෙතත් මෙම පැමිණිල්ලට හා නීතිපති නියෝගයට අදාළව විමර්ශන තවදුරටත් සිදු කෙරෙන බව ද වැඩබලන පොලිස්පති වරයා ජනාධිපති ලේකම්වරයාට දන්වා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්