නවතම පුවත්

සතුන්ට ඇටවූ ගිනිඅවි පසුගිය වසර පුරා මිනිසුන් 100කට පත්තු වෙයි

අසංක

අසංක

සතුන් දඩයම් කිරීමට අටවන ලද තුවක්කු පත්තුවීමෙන් 2019 වසර තුළදී පමණක් මොණරාගල දිස්ත්‍රික්කය තුළ මරණ දෙකක් සමග තුවාල වීම් සියයකට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇත.

පොලිස් වාර්තා පෙන්වා දෙන ආකාරයට අනුව රටේ ගිනි අවි පත්තුවීම් වලින් රටේ වැඩියෙන්ම සිවිල් පුද්ගලයින්ට තුවාල ලබන්නේ මොණරාගල දිස්ත්‍රික්කය තුළය. අනවසර ගිනි අවි භාවිතා කිරීම්ද මොණරාගල දිස්ත්‍රික්කය තුළ ඉහළ අගයක් ගන්නා බවද පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කරයි.

මොණරාගල දිස්ත්‍රික්කය තුළ 2019 වසරේ කළ මෙහෙයුම් වලින් නීති විරෝධි ගිනි අවි 304 ක් පොලිස් භාරයට ගෙන ඇති බවද එම තොරතුරු සදහන් කළේය.

එම ගිනි අවි අතර වැඩියෙන්ම ඇත්තේ බදින තුවක්කුය. එම ගණන 268 කි. සතුන් දඩයම් කිරීම සදහා වැඩි වශයෙන් මොණරාගල දිස්ත්‍රික්කය තුළ බදින තුවක්කු භාවිතා කිරීම් ඉහළ අගයක් ගන්නා බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

ගෙවී ගිය වසරේ මොණරාගලින් අත්අඩංගුවට ගත් ගිනි අවි අතර රිවෝල්වර 03 ක්, කදන් තුවක්කු 10 ක්, බෝර 12 ගිනි අවි 22 ක්, රිපීටර් 01 ක් ඇතැයි පොලිස් සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

මොණරාගල , තණමල්විල, දඹගල්ල, වැල්ලවාය සහ හම්බෙගමුව යන පොලිස් වසම්වලින් වැඩි වශයෙන් නීති විරෝධී ගිනි අවි භාවිතා වන බව සංඛ්‍යා දත්තවලින් පෙනී යයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්