විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබේ.
එමෙන්ම විනිසුරුවන් තිදෙනෙකු සමඟ රන්ජන් රාමනායක මහතා කරන ලද සංවාදවලට අදාළව දුරකථන සේවා සැපයුම්කරුවන්ගෙන් තාක්ෂණික සාක්ෂි ලබා ගැනීමට ද උපදෙස් දී ඇත.
නීතිපතිවරයා මෙම නියෝග දී ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙතයි.
විනිසුරු ගිහාන් පිලපිටිය මහතා මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටී.
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගේ ඇමතුම් සංවාද හඬ පට සිද්ධිය සම්බන්ධයෙන් මෙම පියවර ගෙන තිබේ.