විපක්‍ෂයේ උද්ඝෝෂණ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අප්‍රසාදය!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ කොවිඩ් අවදානම තවම පහව ගොස් නොමැති පසුබිමක, විපක්ෂය ඊයේ (16) පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් තම අප්‍රසාදය පළකර ඇත .

ඔවුන් පෙන්වා දෙන්නේ, මෙවැනි ක්‍රියාකාරකම් යළි රට වසා දැමීමකට තල්ලු කරන බවය.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා,

“වසංගතය ඉවර නෑ. මේ මරණ නිකම්ම නිකම් මරණ නෙමෙයි. මෙතන දරුවෝ, ගර්භණී කාන්තාවෝ, වැඩිහිටියෝ ඉන්නවා. මේ ජීවිත. ඒ හැම එකකටම අපි හැමදෙනාම වගකියන්න ඕනේ.”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

“මීට පෙර උගත් පාඩම් තිබියදීත් විශාල පිරිසක් කොළඹට එකතුවීම පිළිබඳව අපිට කණගාටුවක් තමයි තියෙන්නේ.”

විශේෂඥ වෛද්‍ය සුරර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,

“මේක උද්ඝෝෂණ කරන්න වෙලාවක් නෙමෙයි. මේ උද්ඝෝෂණ හරහා කොවිඩ් ව්‍යාප්ත වෙන්න අවශ්‍ය පරිසරය අපි ඇති කරනවා. ශ්‍රී ලාංකීය පුරවැසියන්ගෙන් ඉල්ලන්නේ මේ වැඩේ කරන්න එපා කියලා.”