වියළන ලද පොල් කැබලි ආනයනයට පියවර

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වීයළන ලද කැබලි පොල් මෙරටට ගෙන්වීමට රජය තීරණය කර තිබේ.

, පොල්තෙල් නිෂ්පාදනය සඳහා පමණක් වියළන ලද කැබලි පොල් මෙසේ  මෙරටට ආනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කර ඇත .

ඒ අනුව, එක් මාසයකට මෙට්ට්‍රික් ටොන් 13,500 බැගින් මාස 3ක් සඳහා පමණක් අදාළ තොග මෙරටට ගෙන්වනු ලැබේ.

, දේශීය පොල්තෙල් නිෂ්පාදන සමාගම් වැසි යාමේ අවදානම සහ අපනයන බිඳ වැටීම ඇතුළු කරුණු සැලකිල්ලට ගෙන එම පියවර ගත් බව අමාත්‍යාංශය සඳහන් කර ඇත

පොල්තෙල් නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් පොල් අස්වැන්නක් නොමැති වීම හමුවේ, කර්මාන්ත මේ වනවිට අඩාල වී ඇතැයි, අමාත්‍යාංශය මෙහිදී සඳහන් කර ඇත .