වියළි කාලගුණය නිසා පානීය ජල හිඟයක්

Picture of අසංක

අසංක

රට තුල පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 2 ක පානීය ජල අර්බුදයක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටී.


ඒ අනුව , කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 236,556 දෙනෙකුට පානීය ජලය ලබාදීමට මේ වනවිටත් එම මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත.


එසේම පානීය ජලය නොමැතිවීමෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 10,155 කි.

මේ අතර පවතින වියලි කාලගුණය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.


එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, එම ජලාශවල ජල ධාරීතාව 71% ට දක්වා පහළ ගොස් ඇති බවයි.