නවතම පුවත්

ලංකාවේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02 – 04 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී .

ඒ අනුව, අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ කොළඹ නගරයෙන් වන අතර එම අගය සෙල්සියස් අංශක 35.3 ක් වේ.

කොළඹ නගරයේ උෂ්ණත්වය මෙලෙස සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 04 කින් ඉහළ ගොස් ඇති අතර ගාල්ල නගරයේ උෂ්ණත්වය ද සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 04 කින් ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව රත්මලාන සහ ත්‍රීකුණාමලය ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ ගොස් ඇත්තේ සෙල්සියස් අංශක 03 කිනි.

හම්බන්තොට, කටුනායක සහ පුත්තලම ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02 කින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්