විශ්ව විද්‍යාලවල අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්න – ජනපති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විශ්ව විද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය පිණිස මෙන්ම පර්යේෂණ කිරීම සඳහා අධිවේගී අන්තර්ජාල පහසුකම් පුළුල් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග ඊයේ (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ඔහු මෙම උපදෙස් දුන්නේ ය.

විශ්ව විද්‍යාල සදහා වෙන් කරන ප්‍රතිපාදන විශාල ගොඩනැගිලි ඉදිකිරීමට වැය කරනු වෙනුවට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවෙන පර්යේෂණ සහ අධ්‍යයන මෙන්ම තාක්ෂණික මෙවලම් වෙනුවෙන් වැය කිරීමේ වැදගත්කමද ජනපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.