විශ්‍රාම වයස වැඩිකිරීමේ ‘යටි අරමුණ’

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය චෝදනා කර සිටී

. එහි ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි පැවසුවේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමෙන් රටට අත්වන ප්‍රතිලාභය කුමක්දැයි තමන් නොදන්නා බවයි.

පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය යම් කාලයකට නතර කර ගැනීම එම යෝජනාවේ අරමුණ වන බව ද සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දේ .