විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවසථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුක් ලෙස එකම මතයක සිටින බවත් ඒ පිළිබඳව ගැටලුවක් නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අද (29දා) පෙරවරුවේ පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.
එසේම පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙක් දෙකක බලයක් ඇති බවත් විසිවැනි සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලැබෙන බවට සැකයක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
“ පුද්ගලයන්ට පක්ෂවලට වෙනම මත තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුවට ආවම එකම මතයක් තිබෙන්නේ. සමහරු කථා කරනවා. සමහරු කථා කරන්නේ නෑ. ඒත් ඡන්දය ලැබෙන බව දන්නවා. සැකයක් නෑ.” යැයි ඔහු පැවැසීය.