නවතම පුවත්

විස සහිත ආහාර පරිභෝජනයෙන් ලංකාවට තුන්වෙනි තැන!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට ජනතාව පරිභෝජනය කරන බොහෝ එළවළු, පලතුරු, සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය බහුතරයක් විෂ සහිත ආහාර බවත්,ලොව විෂ සහිත ආහාර අනුභව කරන රටවල් අතර අප රට තුන්වන ස්ථානයේ පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය 2022 වාර්තාව පෙන්වා දී ඇතැයි සාර භූමි ලංකා (Sarabhumi lanka bio products) බයෝ ප්‍රඩක්ට් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද අබේගුණසේකර මහතා පෙන්වා දෙයි.වර්තමානයේ රසායනික පොහොර සඳහා වසරකට රුපියල් බිලියන (35) තිස්පහක් වැය කරන බවත්,ඒ වැය කරන සෑම සතයකින්ම සිදුවන්නේ මේ රටේ පරම්පරා පරම්පරා ගණනාවක් බරපතළ රෝගීන් බවට පත් කිරීම බව අබේගුණසේකර මහතා පෙන්වා දුන්නේ සාරභූමි ලංකා බයෝ ප්‍රඩක්ට් සමාගමේ නවතම පර්යේෂණ, සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානය හෝමාගම ප්‍රදේශයේ ස්ථාපිත කිරීම පිළිබඳව පසුගියදා (8) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ය.

මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා පෙන්වා දුන්නේ,අපේ රට අද කෘෂිකාර්මිකව ගමන් කරන්නේ වැරදි පාරක බවය.ගොවීන් අවස්ථාවාදීව අධික ලෙස රසායනික පොහොර,කෘෂි රසායන හා පළිබෝධ නාශක භාවිතා කිරීම නිසා අපේ රටේ මහපොළොව නිසරු තත්ත්වයට පත් වී ඇත. ගොවීන් මේ පුරුදු වී ඇති තත්ත්වය එකපාරටම වෙනස් කළ නොහැකි බවත්, ක්‍රමක්‍රමයෙන් ඔවුන් යථාර්ථය අවබෝධ කරගෙන පස සුවපත් කිරීම තුළින් මේ රටේ කෘෂිකාර්මික ආර්ථිකය 70% කින් ගොඩ ගත හැකි බව අබේගුණසේකර මහතා පෙන්වා දුන්නේය.එම නිසා තමන්ගේ වගාවේ යම්කිසි පලිබෝධ හෝ වෙනත් විනාශකාරී යම් සත්ත්වයන් හෝ තත්ත්වයක් ඇති වුණ හොත් එහි සාම්පල මෙම පර්යේෂණාගාරයට රැගෙන එනමෙන් ද, ඒ පිළිබඳ පරීක්ෂාකර බලා ඊට අවශ්‍ය හෝ ගැලපෙන බැක්ටීරියා හෝ දිලීර එම ගොවිබිම්වලට ලබා දිය හැකි බව මෙම පර්යේෂණාගාරය රටේ “කෘෂිකර්මයේ මහගෙදර” ලෙස සලකා ගොවිතැනේ ඕනෑම අර්බුදකාරී අවස්ථාවක මෙම පර්යේෂණ ආයතනයට පැමිණෙන මෙන් අබේගුණසේකර මහතා මහතා මෙරට සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙහි දී අදහස් දැක්වූ ක්ෂුද්‍රජීවී විද්‍යාඥ සඳුන් චතුරංග මහතා කියා සිටියේ,රසායනික පොහොර දැමිය යුතු ප්‍රමාණයට වඩා අධිමාත්‍රාවෙන් ගොවීන් තමන් ගොවිබිම් වලට රසායනික පොහොර හා කෘෂි යෙදවුම් පාවිච්චි කිරීම නිසා අපේ රටේ මහපොළොව මියගොස් ඇති බවයි.අපේ ශරීරයට probiotic ආහාර අවශ්‍ය වනවා වගේම,මහ පොළොවට ද probiotic සංඝටක එක් කිරීම අත්‍යවශ්‍ය ය.එසේම කාබනික කෘෂිකර්ම නිෂ්පාදනවලට අද ලෝකයේ අති විශාල ඉල්ලුමක් සහ ඉහළම මිලක් ඇති නිසා අස්වැන්න අඩු වුණත් කාබනික ගොවිතැනින් ගොවීන්ට ලැබෙන ආදායම කිසිසේත්ම අඩු නොවන බව සඳුන් මහතා පැහැදිලි කළේය.


ආචාර්ය ලංකා උදුගොඩ මහත්මිය මෙහි දී පැහැදිලිවම පෙන්වා දුන්නේ,මේ රටේ අධික ලෙස රසායනික පොහොර හා කෘෂි යෙදවුම් භාවිතාව නිසා අපේ මහපොළොවේ ක්ෂුද්‍ර ජීවීන් මියගොස් ඇති බවය.එම නිසා පස සුවපත් කිරීමට ක්ෂුද්‍ර ජීවීන් පසට යළි එකතු කිරීම අත්‍යවශ්‍යය සාධකයක් වී ඇති බව ය.පස නිරෝගිමත් කිරීම සඳහා ඇති එකම විසඳුම ජෛව පොහොර යෙදීමයි.ක්ෂුද්‍ර ජීවීන් තුළින් පස නිරෝගී වනවා මෙන්ම විවිධ හානිකර රෝග වලින් ශාක පද්ධතිය ආරක්ෂා කිරීම ද සිදු කරන බව ආචාර්ය ලංකා උඳුගොඩ මහත්මිය මෙහිදී පෙන්වා දුන්නීය.
ආචාර්ය ඉශාන්ත සිරිබද්දන මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, මෙරට පළමු වතාවට බිහිවුණ සමුපකාර සංවර්ධන බැංකුව වන TEMCO බැංකු සමිතිය මේ රටේ නව නවෝත්පාදනකරුවන් සහ ආයෝජකයන් සම්බන්ධ කරමින් මේ රටට වැඩදායි, ඵලදායි රටේ ආර්ථිකය ගොඩනැඟිය හැකි නව ව්‍යාපෘතිවල කළමනාකරණ හා මැදිහත් පාර්ශවකරුවෙකු ලෙස මෙම ව්‍යාපෘතියට සම්බන්ධව කටයුතු කරන බවයි.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චමින්ද අබේගුණසේකර මහතා කියා සිටියේ,සාර භූමි ලංකා බයෝ ප්‍රඩකට් සමාගමට 2018 සිට Control union for export to EU and US ආයතනයේ සහතිකය ද ලැබී ඇති බව ය.
මෙම ජෛව විද්‍යාගාරය මෙරට ගොවීන්ට පමණක් නොව කෘෂි ක්ෂේත්‍රයේ සියලු පර්යේෂණ කරන විශ්වවිද්‍යාල හා වෙනත් පෞද්ගලික අංශයේ ආයතන වලට ද විවෘත බවත්,එය සාර භූමි ලංකා සමාගම,සෝලා කොමාර්ෂල් සමාගම සහ සීමාසහිත තාක්ෂණ ව්‍යවසායකත්ව සහ කළමණාකරන සමුපකාර බැංකු සමිතිය (TEMCO) අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බව ද අබේගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
එම අවස්ථාවට සාර භූමි ලංකා බයෝ ප්‍රඩකට් ආයතනය සභාපති රිචර්ඩ් බගාර් මහතා ද එක් විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්