නවතම පුවත්

වී මිලදී ගැනීමට සහතික මිලක් එයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙවර යල කන්නයේදි නාඩු වි කිලෝවක් සදහා රුපියල් 43ක් හා සම්බා වි කිලෝවක් සදහා රුපියල් 46ක සහතික මිලක් ලබා දිමට රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික්කයේ 2018 වසරේ යල කන්නයේ වගා හානි වු ගොවින් 1082 දෙනෙකු සදහා වන්දි ප්‍රදානය කිරිමේ උත්සවයට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා කියා සිටියේ පසුගිය කන්නයේදි නාඩු වි කිලෝවක් රුපියල් 38කට හා සම්බා  කිලෝවක් රුපියල් 41කට මිලදි ගනු ලැබුවත් මෙවර ගොවියා සදහා හොද මිලක් ලබා දිමට රජය පියවර ගෙන ඇති බවයි.

2017 දි වන්දි වශයෙන් අපි ගොවින්ට රුපියල් බිලියන 5.2ක මුදලක් ලබා දි ති‌බේ.

2018 දි අස්වැන්න විශාල  ලෙස වැඩි වු බවත් ,  වත්මන්  රජය ජනතවාට පොහොර සහනාධාරය මෙන්ම අනෙකුත්  පහසුකම් විශාල ප්‍රමාණයක් ලබා දුන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. නව වගා රක්ෂණය සහ නියමිත ලෙස ජලය ලබා දිම වැනි කරුණු නිසා ගොවියා රජය කෙරෙහි තිබු විශ්වාසය වැඩි වු බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්