නවතම පුවත්

හෙට වෛද්‍ය වර්ජනය – පෞද්ගලික චැනල් සේවාවලින්ද ඉවත් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රජයේ රෝහල්වල වෛද්‍ය වැඩවර්ජනයට සමගාමීව හෙට (22දා) දිනයේ පෞද්ගලික චැනල් සේවාවලින්ද ඉවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙට (22දා) උදෑසන 8.00 සිට පැය 24ක වැඩවර්ජනයක් සිදුකරන බවත්, මේ නිසා මෙම කාලය තුළදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පෞද්ගලික චැනල් සේවාවලින්ද ඉවත්වන බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය සේවාවේ හා වෛද්‍ය සේවාවේ ඇති වී තිබෙන ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වී තිබෙන බවත්, මේ නිසා සමස්ත සෞඛ්‍ය සේවාවම අර්බුදයකට ලක්වෙමින් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

වෛද්‍ය වැඩවර්ජනය සිදුකළද හදිසි අනතුරු සේවා පවත්වාගෙන යන බවත්, මීට අමතරව ළමා, මාතෘ රෝහල්, පිළිකා රෝහල් හා ආරක්ෂක අංශ සතු රෝහල් තුළ වෛද්‍ය වැඩවර්ජනය සිදු නොකරන බවත් ඒ මහතා කියා සිටියේය.

රෝගී අයිතිවාසිකම් රැකදීමට හා සෞඛ්‍ය සේවාව රැකදීම සඳහා මෙම වැඩවර්ජනය සිදුකරන බවද හෙතෙම කියා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්