වූහාන් කොරෝනා රෝගීන්ගෙන් නිදහස්

Picture of අසංක

අසංක

කොරෝනා වසංගතය ආරම්භවූ චීනයේ වුහාන් නගරයේ රෝහල්වල සිටි සියලුම කොරෝනා රෝගීන් මේ වනවිට පූර්ණ සුවය ලබා ඒවායින් පිටත්ව ගොස් අවසන් බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම අද දින නිවේදනය කළේය .

අද දවස ඇතුළතද වුහාන් නගරයෙන් එකදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ බවද එම කොමිසම අද මාධ්‍ය වෙත අනාවරණය කළේය .

කෙසේ වෙතත් තවමත් එම නගරය තුල සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රමවේද ක්‍රියාත්මක කරන බවද කොමිසම සඳහන් කර ඇත .

කොරෝනා වෛරසය මුලින්ම ව්යාප්තවූ වූ වුහාන් නගරය තුල කොරෝනා අසාධිතයින් 46432 දෙදෙනකු වාර්තාවූ අතර මරණ 3864ක් වාර්තා විය