කොවිඩ් 19 වෛරසය මුලින්ම වාර්තා වූ චීනයේ වූහාන් නුවරින් තෙවැනි දිනයටත් නව රෝගීන් වාර්තා වී නොමැති බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කරනවා. එසේම හුබෙයි පළාතෙන් නව මරණ 7ක් වාර්තා වූ අතර ඉන් මරණ හයක් වූහාන් නුවරින් විය.
හුබෙයි පළාතේ සෞඛ්‍ය කොමිසම පැවසුවේ බ්‍රහස්පතින්දා වන විට වුහාන් සහ හුබෙයිහි COVID-19 රෝගීන් 50,005 සහ 67,800 ක් ලෙස තහවුරු වී තිබුණ බවයි.