නවතම පුවත්

වෙනිසියුලාවෙන් තෙල් ගන්නවාට ඇමෙරිකාවෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්

අසංක

අසංක

වෙනිසියුලාවේ ඉන්ධන මිලදී ගැනීමට එරෙහිව අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් විසින් ඉන්දියාවට අනතුරු ඇගවීමක් කර තිබේ. නමුත් වෙනිසියුලා විදේශ කටයුතු අමාත්‍ය ජෝර්ජ් ඇල්බෙටෝ මෙය හදුන්වා ඇත්තේ වොෂිංටනයේ ගෝලීය ආඥාදායකත්වය පළකිරීමට ගන්නා උත්සහයක් ලෙසයි.

‘මධුරෝට (වෙනිසියුලානු ජනාධිපති නිකොලොස්) සහය දක්වන රටවල් සහ සමාගම් වෙනිසියුලානු සම්පත්වල සොරුන් බව අමතක නොකෙරෙනු ඇත’ යනුවෙන් බෝල්ටන් සිය ට්විටර් ගිණුමට සටහනක් මුදාහැර තිබුණේ වෙනිසියුලානු ඉන්ධන කටයුතු අමාත්‍ය මැනුවෙල් ක්වෙයිඩෝගේ ඉන්දීය සංචාරය පිළිබද පළවූ පුවතක් ද සමගිනි.

මෙම ට්විටර් සටහන මගින් තවදුරටත් මෙලෙස අනතුරු ඇගවීමක් ද කර තිබුණි. ‘වෙනිසියුලානු ජනතාවගේ වත්කම් ආරක්ෂා කරගැනීමට සහ එකාවන්ව කටයුතු කිරීමට සියලු වෙනිසියුලානුවන් ධෛර්යමත් කිරීමට ඇමෙරිකාව තවදුරටත් සිය උපරිම බලය භාවිත කරන බව’ද එමගින් පවසා තිබුණි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පාලනය සහ ඔහුගේ හිතවාදීහු වෙනිසියුලානු විපක්ෂ නායක, ජාතික සභාවේ සභාපති ජුවාන් ගුවයිඩෝ, ලතින් අමෙරිකානු රාජ්‍යයක ජනාධිපතිවරයා ලෙස භාරගෙන ඇති අතර මධුරෝට ධුරයෙන් ඉවත් වන ලෙස ද පවසා තිබේ.

කෙසේවෙතත් මධුරෝ රජයට සෙසු රටවලට ඉන්ධන අලෙවි කිරීමේ ඇති අයිතිය සම්බන්ධයෙන් අමෙරිකාව අවධානයක් යොමු නොකරන අතර, ඉන්ධන අපනයනයකරුවන් ‘සොරුන්’ ලෙස හංවඩු ගසා ඇත. ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී බෝල්ටන් වෙත ප‍්‍රතිචාර දක්වමින් මධුරෝ නියෝජනය කරන විදේශ කටයුතු අමාත්‍ය අරීසා පවසා තිබුණේ ‘බෝල්ටන් උත්සහ කරන්නේ මෙහෙට නියෝග දෙන්න. මේක තමයි ඔවුන් ලෝකයටම දෙන්න හදන ආඥාදායකත්වය. ඔවුන්ගේ ප‍්‍රකාශනය තුළ ඇත්තේ උපරිම ඒකපාර්ශවිකවාදයයි.’ යනුවෙනි. පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නොබැදි ව්‍යාපාරයේ නියෝජිත හමුවේදී ඔහු ‘මෙන්න මේ ආඥාදායකත්වයට එරෙහිව කැරැල්ලක් තිබුණා.’ යැයි තරයේ කියාසිටියේ බෝල්ටන්ගේ ආකල්පය නිසාය.

ඉන්දියාව ඉරානයෙන් ඉන්ධන මිලදීගැනීමේදී ද බෝල්ටන් තර්ජනය කිරීම් කිහිපයක් කර තිබුණි. ඒ ටෙහෙරානය න්‍යෂ්ටික නිරායුධකරණය සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු රටවල් 6ක් සමග පැවැති ගිවිසුම පසුගිය වසරේදී ඉවත් කරගැනීමත් සමග ට‍්‍රම්ප් ටෙහෙරානය වෙත දැඩි ජාත්‍යන්තර වෙළෙද තහනමක් පැනවීමත් සමග ය. කෙසේහෝවේවා ට‍්‍රම්ප් ඉන්දියාවට මෙම තහනම වෙනුවෙන් තාවකාලික නිදහසක් දී තිබුණේ උල්ලංගනයවීමක් සිදුවුවහොත් ඒ සදහා ආර්ථික දඩුවම් ද පමුණුවාලමිනි.

තම ඉන්ධන අපනයන සදහා අමෙරිකාවසහ බොහෝ බටහිර රටවල් විසින් පැනවූ බාධක හමුවේ වුවද වෙනිසියුලාව ඉන්දියාව සහ සෙසු රටවලට යැවෙන ඉන්ධන අපනයනය වැඩි කරගැනීමට උත්සහ කරමින් සිටියි. වෙනිසියුලානු ඉන්ධන කටයුතු පිළිබද අමාත්‍ය මැනුවෙල් ක්වෙවෙඩෝ 2019 පෙට්‍රොටෙක් වෙළෙද සමුළුව සදහා සහභාගිවිමට නවදිල්ලියට ගොස් සිටියි. ඔහු වාර්තාකරුවන් වෙත පවසා තිබුණේ තම රටට අවශ්‍යව ඇත්තේ දැනට දිනකට බැරල් 3,40,000ක් වන ඉන්ධන අපනයනය වන දෙගුණයක් කිරීම අපේක්ෂාව බවය.

ඉන්දියාවේ තෙවැනි විශාලතම ඉන්ධන ආනයනකරු වන්නේ වෙනිසියුලාවයි. රිලායන්ස් හා නයාරා යනු දැවැන්තම ගැනුම්කරුවන් දෙදෙනායි. ක්වෙවෙඩෝ වෙනිසියුලාවේ රාජ්‍ය ඉන්ධන සමාගම වන පෙට්‍රෝලියොස් ඩී වෙනිසියුලා සමාගමේ ප‍්‍රධානියා ද වේ. ඔහු පසුගිය සදුදා ඉන්දියාවේ පෙට්‍රෝලියම් සහ ස්වභාවික ගෑස් කටයුතු අමාත්‍ය ධර්මේන්ද‍්‍ර ප‍්‍රධාන් හමුවිය.

ලොව විශාලතම ඉන්ධන සංචිතයවන බැරල් බිලියන 300ක සංචිතයක් ඇත්තේ වෙනිසියුලාවට ය. එය ප‍්‍රමාණයෙන් සෞදි අරාබියට වඩා විශාල වන අතර සෞදි අරාබියට ඇත්තේ බැරල් බිලියන 266ක සංචිතයකි.

ඉන්දියාව යනු රටේ අභ්‍යන්තර සබදතාවලදී විදේශ මැදිහත්වීම පිළිබද ප‍්‍රවේශම් කටයුතු කරන රාජ්‍යයකි. ඒ නිසාම ඉන්දියාව, ඇමෙරිකාව සමග යමින් ගුවයිඩෝ ජනාධිපතිවරයා ලෙස පිළිගැනීම හෝ මධුරෝ පාලනය සමග කටයුතු කිරීම නවතා දැමීම ප‍්‍රතික්ෂේප කළේය.

‘ඉන්දියාව සහ වෙනිසියුලාව සමීප හා සුහදශීලීව කටයුතු කරන රාජ්‍යයන්. අපේ දැක්ම නම්, වෙනිසියුලානු ජනතාවට ඔවුන්ගේ වෙනස්කම් ඵලදායී සංවාද මගින් විසදාගනිමින් දේශපාලන විසදුමක් කරා යාමට හෝ සහ ප‍්‍රචණ්ඩත්වයකින් තොරව සාකච්ඡුාවකට යා යුතු බවයි’ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශක රවීෂ් කුමාර් පසුගිය මාසයේදී පවසා තිබුණි.

කැකෑරෙන ආරවුල හටගත් 2018 මැයි මස ජනාධිපතිවරණය පිළිබද අමෙරිකාව වෙනිසියුලානු විපක්ෂය කීවේ නිදහස් හා සාධාරණ එකක් නොවන බවයි. මෙම තත්ත්වය පිටදැමුවේ ජාතික සභාව විසින් ජනවාරි 10 වැනි දා ගුවයිඩෝ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ඔහු තමා විසින්ම ප‍්‍රකාශයට පත්කරගැනීමත් සමග ය.

එතැන් පටන් දැවැන්ත විරෝධතා, ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයා ආදිය දෙපාර්ශ්වයටම සහය දක්වමින් සිදුවිය. ඒ හේතුවෙන් ජීවිත 40ක් පමණ බිලිගත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබුණි. ඉන්ධනවලින් පොහොසත් රටක් මානුෂීය අර්බුදයකට මුහුණපෑමට පටන්ගත්තේ ආහාර හා ඖෂධ හිගතාවල අභියෝග ද මධ්‍යයේයි. අරීසා පවසා තිබුණේ මධුරෝ රජය,පූර්ව කොන්දේසිවලින් තොරව විපක්ෂය සමග සාකච්ඡ කිරීමට සූදානම් බවයි. ‘අපි එකට හිදගමු. අපිට තියෙනවා ව්‍යවස්ථාවක්. අපි ඉදගෙන කතාකරමු. අපි උත්සහ කරමු එකට එකතු වෙලා විසදුමක් හොයාගන්න.’ යනුවෙන් ඔහු පවසා තිබුණි.

ට‍්‍රම්ප්ගේ විදේශ ප‍්‍රතිපත්ති ගැටලුවල උඩින්ම වෙනිසියුලාව තැබීමට පියවර ගෙන තිබේ. ඔහු පවසන පරිදි විකල්පය වන්නේ අමෙරිකානු හමුදා මැදිහත්වීමයි. වෙනිසියුලානු වෙළෙදාමට බලපා ඇති එක් ගැටලුවක් වන්නේ අන්තර්ජාතික බැංකු මත ඇමෙරිකාවේ පීඩනය වැඩිවෙමින් පැවතීමයි.

ක්වෙවෙඩෝ නවදිල්ලියේදී වාර්තාකරුවන්ට පැවසුවේ ‘ගෙවීම වියයුත්තේ කෙසේද යන්න ගැනුම්කරු හා විකුණුම්කරු අතර තීරණය විය යුතු දෙයක්. එය මුදල් නෝට්ටු වෙන්න පුළුවන් නැතිනම් වෙනත් හුවමාරු ක‍්‍රම වෙන්නත් පුළුවන්’ යනුවෙනි.

ඔහු වෙනිසියුලාවේ වෙළෙද ප‍්‍රජාව වෙත හා ඉන්දියාව, චීනය, රුසියාවට සම්පේ‍්‍රෂණය කළේ ‘වෙළෙදාම ඩොලර් මත යැපීම අවශ්‍යම නොවන’ බව ය.

මූලාශ‍්‍රය – ‘නිවිස් ඉන් ඒෂියා’ ඇසුරිනි
පරිවර්තනය – ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්