නවතම පුවත්

වෙළදපලේ අත්‍යවශය භාණ්ඩ වල හිගයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

රටේ උද්ගත වී ඇති හදිසි තත්වය සමග අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සීඝයෙන් වැඩි වී ඇති අතර වෙළදපොලේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිගයක් ද ඇතිව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටී.

හාල්, සීනි, පරිප්පු, ටින්මාලු, අල, ලූණු සහ එළවලු හා මාලු මෙසේ මිල වැඩි වී ඇති භාණ්ඩ වන බවත් ඒවායේ . තොග මිල අඩු වී ඇති බව වාර්තා වුවද සිල්ලර මිල ගණන් අඩු වී නොමැති බවත් නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර ඇත.

විශේෂයෙන්ම මෙම හදිසි තත්වය සමග කූට ව්‍යාපාරිකයින් කල්ඉකුත් වූ භාණ්ඩ පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට ගත් උත්සහයන් කිහිපයක්ද වාර්තා වී ඇති බැවින් භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ පිළිබදව සැළකිලිමත් වන ලෙස සියලු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දැක්වේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම සදහා සහ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ පාරිභෝගිකයින්ට අලෙවි කිරීම වලක්වාලීම සදහා ඉක්මන් වැඩපිළිවෙලක් සකසන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින බවද නිවේදනයේ දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්