වෙළඳපොළට මැදිහත් නොවීමට රජය තීරණය කරයි

Picture of Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

ඉදිරියේදී විවෘත වෙළඳපලේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් නොවීමට රජය තීරණය කල බව   සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටී .

පසුගිය කාලයේ ලැබූ අත්දැකීම් මත රජය ඒ බව තීරණය කර ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත ඊයේ (26) පැවසීය

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කිරීමට රජය ගත් පියවර සහ ඉන් අපේක්ෂිත අරමුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය .