නවතම පුවත්

වෛද්‍ය සංගම් වල යෝජනා වහා ක්‍රියාත්මක කරන්න, නැතිනම් රට අනතුරේ – GMOA

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංගම් ඒකාබද්ධව රජයට ඉදිරිපත් කල ලිපියේ අඩංගු යෝජනා වහා ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .

“සංචරණ සීමා පැනවීමේ වැදගත්කම එම ලිපිය හරහා  පෙන්වාදී ඇති බවත් . එම සීමා පැනවීම  ජනගනත්වය සහ විද්‍යාත්මක පදනමක් මත සිදුවිය යුතු බවද එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මාධ්‍ය වෙත පැවසීය .

මේ වනවිට කොරෝනා ව්‍යාප්තිය ඉතා බරපතල මට්ටමක පවතින බවත් එය කිසිසේත් සුළුවෙන් නොතකන ලෙසත් කොළඹගේ මහතා මෙහිදී පැවසීය.

රෝගය පැතිරයාම ක්‍ෂණිකව පාලනය නොකළහොත් ඒ සඳහා වියදම් ද ඉදිරියේදී බරපතල ලෙස ඉහළ යනු ඇතැයි වෛද්‍ය සංගම් විසින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව වෙනුවෙන් මහාචාර්ය තමසි මකුළොලුව යන මහත්ම මහත්මීන්ගේ අත්සනින් එම ලිපිය යොමුකර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්