නවතම පුවත්

වොෂිංටනයේ අරගල මැද ජෝ බයිඩන් ජය තහවුරු කරගනී

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විද්‍යාල ප‍්‍රථිඵලය පිලිගනිමින් අමෙරිකානු කොංග‍්‍රසය ජෝ බයිඞ්න්ගේ ජයග‍්‍රහණය තහවුරු කර ඇත .

අමෙරිකානු කොංග‍්‍රසය එම තීරණය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ආධාරකරුවන් වොෂිංටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී ඇති වූ නොසන්සුන්තාවයෙන් පැය කිහිපයකට පසුවය.

ජන්ද විද්‍යාල 306 ක ජය ජෝ බයිඞ්න් තහවුරු කරගෙන ඇති අතර, ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජය තහවුරු කිරීමට සමත්ව ඇත්තේ ඡන්ද විද්‍යාල 232 ක් පමණි . ඒ අනුව, ජෝ බයිඞ්න් ලබන 20 වනදා අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමට නියමිතය . ඒ සමග, කමලා හැරිස් අමෙරිකානු උප ජනාධිපතිවරිය ලෙස දිව්රුම් දීමට නියමිතය .

ජෝ බයිඞ්න්ගේ ජය තහවුරු කිරීම සදහා කොංග‍්‍රස් මණ්ඩලයේ ඡුන්ද විමසීම් පැවැත්වෙන අතරතුර අමෙරිකාවේ කොංග‍්‍රස් මණ්ඩලය රැස් වන කැපිටල් ගොඩනැගිල්ලට ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ආධාරකරුවන් බලහත්කාරයෙන් ඇතුළු වීම හේතුවෙන් හටගත්තේ දැඩි නොසන්සුන්තාවයකි .

ඒ හේතුවෙන් මේ වනවිට වොෂින්ටනයට දින 15 ක කාලයක් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. නොසන්සුන්තාව අතරතුර හටගත් ගැටුම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්