නවතම පුවත්

ශබ්ද දූෂණයෙන් බැටකන ‘කඳාන’

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මහජනතාව දැඩි ලෙස පීඩාවට පත් කරන සමහර පූජනීය ස්ථාන ශබ්ද විකාශන යන්ත්‍ර එම ස්ථානයේ පමනක් නොව පාරක්- වීදියක් ගානේ පොල් ගස් හා වෙනත් ගස් වල බැඳ මුළු ප්‍රදේශයේම ජනතාව අපහසුතාවයට පත් කරයි. මෙය එක් දිනකට හෝ දෙකකට සීමා නොවේ. මෙය දින ගණන් එක දිගට උදේ හවා සිදුකෙරෙන ජනතා පීඩාවකි.
මේ හේතුවෙන් පීඩාවට පත් වන්නේ සාමාන්‍ය ජනතාව පමණක් නොවේ.
1. පාසැල් සිසු සිසුවියන්, විශේෂයෙන් විභාග සඳහා සූදානම් වන සිසු සිසුවියන්
2. විශ්ව විද ්‍යාලීය සිසු සිසුවියන් සහ පශචාත් උපාධි සඳහා සූදානම් වන අය
3. විදේශීය සමාගම් සමග මාර්ගගත  ක්‍රමයට සේවය කරන පිරිස(කොවිඩ් 19 නිසා). මෙම සමාගම් නිසා රජයට විශාල වශයෙන් විදේශ විනිමය ලැබේ.
4. දවසේ වැඩ නිම කර කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂා වී පොදු ප්‍රවාහන සේවය මගින් නිවසට පැමින විවේක ගන්නා ජනතාව
පසුගිය ඔක්කෝම්බර 31 වන දින කඳාන 20 හැවිරිදි තරුණයෙක් (ඔහු විෂාදියෙන් පෙළෙන අයෙකි.) ඔහුගේ නිවසට යාබදව පොල් ගසක බැඳ තිබූ ශබ්ද විකාශන යන්ත්‍රයේ හඬ ඉවසිය නොහැකිව සිය දිවි හානි කරගැනීම සඳහා පානය කිරීමට කිසිවක් සොයා ගැනීමට නොහැකිව පැනඩෝල් පෙති 10 ක් පානය කර ඇත. මෙයට පෙර මෙම තරුණයා ශබ්ද විකාශන යන්ත්‍රය ක්‍රියාත්මක වූ විට නිවසින් බැහැරව ගොස් ශබ්ද විකාශන යන්ත්‍රය අක්‍රිය වූ විට නිවසට ආපසු පැමිනීමට පුරුදුව සිටියේය. එහෙත් එදින තද වර්ෂාව නිසා ඔහුට නිවසින් පිටතට යාමට නොහැකි විය. ඔහු පැනඩෝල් පෙති 10 ක් පානය කල බව දැනගත් ඔහුගේ මව වහාම ඔහු වත්තල පිහිටි රෝහලක් වෙත ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇත.
ඔහුගේ අක්මාවට හානියක් වී ඇති දැයි සොයා බැලීමට රසායනාගාර පරීක්‍ෂණයක් කිරීමට සිදුවී ඇත. නමුත් පැනඩෝල් පෙති 10 වෙනුවට කෘමිනාශක බෝතලයක් ඔහුට හමුවුනා නම් තත්වය මීට වඩා භයානක වන්නට ඉඩ තිබුනි. මෙය එක සිද්ධියක් පමනි. මෙවැනි සිද්ධීන් තව ඇති බව පැහැදිලිය.
පසුගිය පෝය දිනයේදී කඳාන වැසියන්ට මෙම තත්වය වඩාත් බරපතල විය. එදින කඳාන සිරිවර්ධනාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍රයට අමතරව කඳාන ශාන්ත සෙබෙස්තියන් පල්ලියෙන් ඇසෙන ගස් වල බැඳ ඇති ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ඇසෙන ඝෝෂාව මුසු වී එය කන්දොස්කිරියාවක් බවට පත්විය.
මෙම ශබ්ද ඩෙසිබල් 90 ක් පමන වේ යැයි කියති. ලෝක සෞඛ්‍ය සංවිධාන වල ප්‍රමිතීන්ට අනුව ඩෙසිබල් 65ට වැඩි ශබ්ද මිනිසාට අහිතකරය. විශේෂයෙන් ම එය අලුත උපන් ලදරුවන්ට අතිශයින් හානිදායකය.
පූජනීය සිථාන වල ශබ්ද විකාශන යන්ත්‍ර තුලින් මහජනතාවට වන පීඩාව නැවැත්වීමට දැන්වත් වහා පියවර ගත යුතුය. මිනිසාගේ යහපතට ඇති පූජනීය ස්ථාන මිනිසාට පීඩාවක් ගෙන දීම පුදුම සහගතය.
බලධාරීන්ගේ අවධානය මේ පිළිබඳව යොමුව මේ පිළිබඳව පියවරක් ගන්නේ නම් එය ජනතාවට මහත් සහනයක් වනු නොඅනුමානය.

(මීට කඳාන ප්‍රදේශවාසී ජනතාව)

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්