නවතම පුවත්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක ණයක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත.

අද (06) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ තැන්පත් රක්ෂණ අයෝජන ක්‍රමය, ප්‍රාග්ධනීයකරණය හා මහ බැංකුවේ ආයතන ධාරිතාකරණය සහ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම යන සංරචකයන් යටතේ මෙම ණය මුදල පිරිනැමේ.

ඒ අනුව අදාළ යෝජනාවට එළැඹීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“සමහර අවස්ථාවලදී ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී විපක්ෂය විසින් මතවාදයක් ගෙනිච්චා සියලුම තැන්පත්කරුවන්ගේ තැන්පතුවලින් කොටසක් රජය අයකර ගන්නවා කියලා. රජය ජනතාවගේ සියලූම තැන්පත් ආරක්ෂා කරන්න ක්‍රියා කළ අතර, එය තවදුරටත් අනාගතයේ දී වඩාත් සුරක්ෂිත කරන්න මේ තැන්පත් සියල්ල රක්ෂණය කරන්න විශාල මුදලක් ප්‍රාග්ධනීකරණය කරන්න ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක් අරමුදලක් ලබාදෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ තුළින් මහ බැංකුවේ ධාරිතාවය පුළුල් කරන්නත් මහ බැංකුව මඟින් නවීන තාක්ෂණයෙන් අධීක්ෂණ කටයුතු සිදුකරන්නත් ඊට අතිරේක තැන්පතු සියල්ල රක්ෂණය කිරීමෙන් බැංකු ක්‍රමය වෙත තැන්පත් කරන අයට වඩා ඉහළ ඉස්තරම් විශ්වසනීයත්වයක් ඇති වෙන ලෙස බැංකු ක්‍රමය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා මෙම යෝජනාව අතිශය වැදගත්.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්