නවතම පුවත්

e-Bill ක්‍රමයෙන් විදුලි රතු බිල් නිකුතුව අඩුවෙයි

අසංක

අසංක

විදුලි බිල්පත් නිකුත් කිරීමේදී අලුතින් හඳුන්වාදුන් ඊ-බිල්පත් (e-bill) ක්‍රමවේදය අනුව රතු බිල්පත් නිකුත් කිරීම ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු අතර බහුතර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවන බව එම මණ්ඩලය කියයි.

සාමාන්‍යයෙන් රතු බිලක් ලබාදෙනුයේ මාසයක් ගතවූ පසුවයි. රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදෙනු ලැබේ. විදුලිය විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ ඉන් පසුවයි.

ඒ වෙනුවට ඉතා ඉක්මනින් හිඟ මුදල SMS මඟින් පාරිභෝගිකයන් වෙත දැනුම් දෙනු ලැබේ. එමඟින් ඉතා කාර්යක්ෂමව ගෙවිය යුතු හිඟ මුදල දැනුම් දෙනු ලැබේ. මෙම ක්‍රමවේදය රතු බිල්පත් මුද්‍රණය කර බෙදා හැරීමට වඩා කාර්යක්ෂම සහ ලාභදායි වේ.

තව ද, 2023 නොවැම්බර් වන විට විසන්ධි කිරීම, නිවාස වසාතැබීම, පදිංචි කරුවන් නොමැතිවීම, නිවාස කඩා නව නිවාස සෑදීම ආදී විවිධ හේතු නිසා ශුන්‍ය පරිභෝජන (0 consumption) තත්වයේ පවතින ගිණුම් සංඛ්‍යාව 35,848 කි.

ඉහත දත්තවලට අනුව 2019 වසරේ 573,073ක් විදුලිය විසන්ධි කර නැවත සම්බන්ධ කර ඇත. 2020 සහ 2021 කොවිඩ් වසංගත තත්ත්වය නිසා එම අගය අඩු විය. 2022 විදුලි කප්පාදුව නිසා විසන්ධි කිරීම් සීමා විය.

තවද සාමාන්‍යයෙන් වසරකට නව පාරිභෝගිකයින් 150,000 ක් පමණ අලුතින් විදුලි සම්බන්ධතා ලබා ගනී.

ඒ අනුව 2023 දී 544,488 ක් විදුලිය විසන්ධි කිරීම් සහ නැවත සම්බන්ධ කිරීම් සිදු කර තිබීම 2019 වසර හා සැසඳීමේ දී සාමාන්‍ය තත්වයකි.

තවද 2023 ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා පාරිභෝගිකයින් විසින් ගෙවිය යුතු හිඟ මුදල මාස වලින් පහත වගුවේ දක්වා ඇත. මෙහිදි හිඟ මුදල වැඩිවීමක් පෙන්නුම් නොකරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්