නවතම පුවත්

ශ්‍රී ලංකාවට සහය දීම නවතා නැහැ – ඉන්දියාව

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව විසින් තවදුරටත් මූල්‍ය සහයෝගය ලබා නොදන බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් වන මාධ්‍ය විමසුම්වලට ප්‍රතිචාර වශයෙන් මාධ්‍ය ප්‍රකාශක විසින් නිකුත් කරන ලද ප්‍රකාශය

උක්ත කරුණ සම්බන්ධයෙන් වන මාධ්‍ය වාර්තා අපි දුටුවෙමු. ශ්‍රී ලාංකික ජනතාව විසින් මුහුණ දෙන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට මෙම වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ද්විපාර්ශවික සහයෝගයක් ලබා දී ඇති බව මෙහි ලා අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු. එය පෙර නොවූ විරූ සහයෝගයකි.
එසේම, ඉන්දියාව කඩිනමින් වර්තමාන ආර්ථික දුෂ්කරතා සමනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දෙමින් අනෙකුත් ද්විපාර්ශවික සහ බහුපාර්ශවික සහකරුවන් සමඟ ද ශ්‍රී ලංකාවට පක්ෂව කටයුතු කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇතිකර ගත් බව ද අපි දුටුවෙමු. එහි ඉදිරි එකඟතාවයන් ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය ඇතුළු කරණු මත තීරණය වනු ඇත. කඩිනමින් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්වයට පත් කිරීම සහ ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම උදෙසා අපි විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයන්හි දිගු කාලීන ඉන්දියානු ආයෝජන ප්‍රවර්ධනය කිරීම ඇතුළු හැකි සෑම අයුරකින්ම තවදුරටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන්නෙමු.
මෙයට අමතරව, ශ්‍රී ලංකාව තුළ අපගේ ද්විපාර්ශවික සහයෝගීතා ව්‍යාපෘතීන් රැසක් ද ක්‍රියාත්මක අතර ඒවායේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වේ. ශ්‍රී ලාංකිකයන්ට ප්‍රමුඛ පෙළේ ඉන්දියානු ආයතනයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීම සහ කුසලතා සංවර්ධන වැඩසටහන් සඳහා ශිෂ්‍යත්ව ද පිරිනැමේ. ශ්‍රී ලංකාව සමඟ පවතින අපගේ සමීප සහ දිගුකාලීන සහයෝගීතාවයේ මෙවන් පැතිකඩ ද ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික දුෂ්කරතා ජයගැනීම සඳහා දායකත්වය ලබා දෙයි.

milk-powder-500x500
කිරිපිටි බද්දක් ඉහළට
Medagoda Paththini
මැදගොඩ සිද්ධ පත්තිනි දේවාලයේ වසර 400 කට වඩා පැරණි ඓතිහාසික ඉඹුල් ගස කඩා වැටිම ආසන්නයි
Corona
කේරලයේ 'නිපා' ගැන ලංකාවට අනතුරු ඇඟවීමක් !
ranil wickramasinghe 2
78වන ජගත් සමුළුවේදී ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය මෙන්න -
city-planing-drone-3
නගර නිර්මාණයට ඩ්‍රෝන් සහය
image-7
චීනය හෝ ඉන්දියාව සමඟ සන්ධානගත වන්නේ නැහැ - රනිල් අමෙරිකාවේදී කියයි!
child-and-social-media
Google, Facebook, YouTube, TikTok ශ්‍රී ලංකාව හැරයාවිද ?
Doctor
විශේෂඥ වෛද්‍යවරු රට ගියාම ඇතිවන හිඟය පියවන්න රජය ගත් තීන්දු
online - social media
ඔන්ලයින් වැරදිවලට නීති හැදෙන කෙටුම්පත ගැසට් කෙරේ
image-5
ජෝන් කීල්ස් වෙතින් අලුත් නිවාස ව්‍යාපෘතියක් !