, ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කර ඇත .
නිර්මලා සීතාරාම් මහත්මිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය අතර වොෂින්ටන් නුවරදී ඊයේ (18) පැවති සාකච්ජාවේදී මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ .
ශ්‍රී ලංකාව වර්තමානයේ දී මුහුණ දී තිබෙන ආර්ථික තත්ත්වයට ඉන්දියාව ලබාදෙන සහාය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ජාවට ලක්වී ඇත .
ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය අතර සාකච්ඡාවක් ද ඊයේ දින පැවැත්වුනු අතර මුදල්අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ හ.
ශ්‍රී ලංකාවට ශීඝ්‍ර මූල්‍ය පහසුකමක් (ආර්.එෆ්.අයි. – RFI) ලබාදෙන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරුණු ඉදිරිපත් කරන බව ඉන්දියාව මුදල් අමාත්‍යවරිය මෙහිදීද අලි සබ්‍රි මහතාට පවසා ඇත.