නවතම පුවත්

ශ්‍රී ලංකාවේ පැරණිතම ලෙදර් සමාගමක කොටස් අයිතිය විකුණා දැමේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් හි කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට Ambeon හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් කටයුතු කර තිබේ. සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 99.80% ක් Ambeon හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව පැවතුණි.

මෙම ගනුදෙනුව ඊයේ (14) දිනයේ දී සිදුකළ බව Ambeon හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

රු. මිලියන 650 කට මෙම ගනුදෙනුව සිදුව ඇත.

එලයතම්බි තවඥානසුන්දරම් සහ එලයතම්බි තවඥානසූරියම් යන මහත්වරුන් විසින් සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් සමාගම මිල දී ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් යනු වසර 74ක සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන සමාගමකි. එය ලෙදර් පාවහන් සහ ලෙදර් නිෂ්පාදිත සැකසීමේ සහ නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්