නවතම පුවත්

ශ්‍රී ලංකාව සමීපතම මිතුරෙකු ලෙස සළකා උපරිම සහය දෙනවා – ඉන්දියාව අවධාරණය කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවට එක්වූ අවස්ථාවේ මේ බව සඳහන් කර සිටියා.

ඉන්දීය ණය ආධාර යටතේ මේ වන විටත් ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබී තිබේ. ඒ පිළිබඳ සමාලෝචනය කළ දූත පිරිස ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ඉන්දීය රජයත් දේශපාලන අධිකාරියත් කැපවී සිටින බව ප්‍රකාශ කර සිටියේ.

අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වෙමින් ඉන්දීය රජය සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරයි. ඒ වෙනුවෙන් මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තූතිය ඉන්දීය රජයටත් ජනතාවටත් පිරිනමන බව ජනාධිපතිතුමා දූත පිරිසට කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ. දුෂ්කර කාලපරිච්ඡේදය පසු කර ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද දූත පිරිස විශ්වාසය පළ කර සිටියා.

මේ අතර ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ඇතුළු මෙරටට පැමිණි නියෝජිත පිරිස, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඔවුන් මෙරටට පැමිණියේ වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ඉන්දියාව, ශ්‍රී ලංකාවට ලබා දෙන ද්විපාර්ශ්වික සහය හා ඊට අදාල කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)
image-13
ජනපති සටනට එන අපේක්ෂකයින් මෙන්න !
image-10
කඳුකර දෙමළ ජනතාවගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමට සෑම රජයක්ම අපොහොසත්වෙලා !
image-9
මැලිබන් සභාපති අභාවයට මහාබෝධියේ ශෝකය.
image-8
අධිකරණයට යලිත් අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන්ට අධිකරණයෙන් නැවත සිතාසි!!
Dinesh-Gunawardena-scaled
රනිල් දිනවන්න, දිනේෂ්ගෙන් සන්ධානයක් !
image-7
බංගලි අරගලකරුවෝ , හෝටලයක් ගිනි තියයි, 24ක් මරුට!