ශ්‍රිලනිපය අයවැයේදී රනිල්ට පක්ෂව

Picture of අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන අය වැය තුන්වැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර අය වැය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා විසදුමකින් තොරව අවසන්වීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

මෙම ආරංචිය සම්බන්ධයෙන් ද කළම්බො එක්ස්ප්‍රස් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි රංජිත් සොයිසා මහතාගෙන් විමසීමක් කළේය.
අපට එක දෙයයි කියන්න තියෙන්නෙ. ඡන්දය දීමෙන් වැළැකී සිටිනවා කියන්නෙ අගැමැති රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුව ආරක්ෂා කරනවා, රකිනවා කියන එකමයි. තාම ඡන්දය තිබුණේ නැහැනේ. අපි බලමු. අපි බලන්නෙ ඡන්දයට විරුද්ධව ඡන්ද 80 ඉලක්කයවත් තබා ගන්න යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා පැවැසීය.

මේ අතර අද උදෑසන ජාතික පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා අය වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පවසා තිබිණි.

කෙසේ වෙතත් දේශපාලන විප්ලවයකින් තොරව අය වැය සම්මත වනු ඇතැයි පාර්ලිමේන්තුවෙන් මීට සුළු මොහොතකට පෙර ලැබුණු තොරතුරුවලින් හෙළි විය.