නවතම පුවත්

ශ්‍රීපාද වන්දනාවේ – ත්‍රිකුණාමලයේ ” එන්න එපා..”

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* දිස්ත්‍රික් කොරෝනා කමිටු ජනතාවගෙන් ඉල්ලයි
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ලබන ජනවාරි මාසයේදී ශ්‍රීපාදස්ථානය වන්දනාවේ පැමිණීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ, පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙනි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශවල කොවිඩ් වෛසරය පැතිරයෑමේ අවදානමක් මතුව ඇතැයි දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව පවසයි.
එබැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අදාළ අවසරය ලබා ශ්‍රී පාද වන්දනාවේ පැමිණිය ද පවතින අවදානම පහව නොයන බව නුවරඑළිය දිස්ත්‍රික් කමිටුව අවධාරණය කර සිටි.
මේ අතර ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය තුළට පැමිණීම හැකිතාක් දුරට අවම කරන්නැයි දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ, පසුගිය දින තුනක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 70 කට ආසන්න පිරිසක් එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම හේතුවෙනි.
එබැවින් නිවාඩු සමයේදී, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සංචරණය දැඩි ලෙස සීමා කරන්නැයි දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.
මේ අතර ඉදිරි සති දෙක තුළ ත්‍රීකුණාමලය නගරයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.
ඇය දැනුම්දී ඇත්තේ, නිරෝධානය පනත උල්ලංඝණය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසයි.
මීට අමතරව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට ඇතුළු වන පුද්ගලයන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් යොමු කරමින් යොදවා ඇති මුර කපොලු සංඛ්‍යාව වැඩි කරන්නැයි ද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කර ඇත.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්