ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයෙන් ඉනිමක සහ ලකුණු 65ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුනා.
ඒ ජයග්රහණයත් සමඟ තරඟ දෙකකින් සමන්විත තරඟාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට ඔවුන්ට හැකි වුනා.
කෙසේ වෙතත් අද තරඟයේ දී ශ්රී ලංකාව මෙතෙක් රැකගෙන ආ ලෝක වාර්තාවක් සම කිරීමට සමත් වුණා. ඒ ලෝක ටෙස්ට් තරඟ බිමේ අඛණ්ඩව තීරණයක් සහිතව ජය පරාජය නොවී මුහුණ දුන් සියලු තරඟ අවසන් වූ රට ලෙස තැබූ වාර්තාවයි. ඒ අනුව ලංකාව අඛණ්ඩව 26 වන තරඟයත් ජය පරාජයෙන් තොරව අවසන් නොවීය. වර්ෂාවෙන් සිදු වූ බාධා නිසා බොහෝ දෙනා මත පල කරේ මෙම වාර්තාව තරඟ 25කින් නවතිනු ඇතැයි අපේක්ෂා කලත් 26 වන වරටත් එම වාර්තාව අද තරඟය සමඟ සම විය.