නවතම පුවත්

ශ්‍රීලංකා පොලිසියට වසර 153 යි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වසර එකසිය පනස් තුනක ඉතිහාසය තුළ රටේ භෞමික අඛණ්ඩතාව උදෙසා සහ මහජන ජීවිත දේපළ සුරක්‍ෂිත කරදීම සඳහා පොලිස් නිලධාරීන් තුන්දහස් එකසිය තිස්පහක් ජීවිත පූජා කර තිබෙන බව වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පවසා සිටියේ අද (03දා) පැවැති 153 වැනි පොලිස් දින සැමරුමට සහභාගි වෙමිනි.

රටේ පැවැති යුදමය වාතාවරණය තුළදී පමණක් නොව ඉන් පසුවත් ජීවිත පරිත්‍යාග කරමින් පොලිස් නිලධාරීන් මහජනතාවගේ සුරක්‍ෂාව වෙනුවෙන් නිරතුරුවම කටයුතු කළ බවද ඒ මහතා පැවසීය.

සමස්ත කාලය තුළදී රාජකාරී ඉටුකිරීමට යාමේදී නිලධාරීන් එක්දහස් පන්සිය තිස්පහක් ආබාධිත තත්ත්වට පත්ව තිබෙන බවද වැඩ බලන පොලිස්පතිවරයා පවසා සිටියේය.

එසේම පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය වෙනුවෙන් කටයුතු රාශියක් මේ වනවිට ක්‍රියාත්මක වන බවත්, නිලධාරීන්ගේ කුසලතා වැඩිදියුණු කරමින් වෘත්තීමයභාවය ඔප් නැංවීම සඳහා පුහුණු පාඨමාලාවන් හැදෑරීමේ පහසුකම්ද පුළුල් කර තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

153 වැනි පොලිස් දින සැමරුම පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේදී ඊයේ (03දා) දින චාම් අන්දමින් පැවැත්වූ අතර, ඒ සඳහා මහා සංඝරත්නය හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රාශියක්ද සහභාගි වූහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්