ශ්‍රීලනිප තනිවම එනවාද තීන්දුව අද

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙවර මහමැතිවරණයේ අපේක්ෂක ලැයිස්තුව පිළිබඳ ඇතිව තිබෙන ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (17දා) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ.

දැනටමත් දිස්ත්‍රික්ක හතරකට අත ලකුණ යටතේ තරග කිරීමට තීරණයක් ගෙන තිබෙන අතර බොහෝදුරට මැතිවරණ දිස්ත්‍රික්ක 22කටම තනිවම තරග කිරීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.