ශ්‍රීලනිප නීති කැඩූ අය ජනවාරියේ දොට්ට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව විසින් දැනට ආරම්භ කර ඇති පරීක්ෂණ වේගවත් කර, පක්ෂයේ විනය කඩ කල බවට තහවුරු වන මන්ත්‍රීවරුන්ට ලබන ජනවාරිය අවසන්වීමට පෙර දඩුවම් ලබාදීමට පක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රීලනිපයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් විසි දෙනෙකුටම මේ වනවිට විනය කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙස කැඳවීම් යොමුකර ඇති බව වාර්තාවේ.

මීට අමතරව එස් බී දිසානායක , ඩිලාන් පෙරේරා හා ලක්ෂමන් යාපා යන අමාත්‍යවරුන්ටද ලබන 18 දින විනය කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙස කැඳවීම යොමු කර ඇත.

එසේම විජිත් විය්ජයමුනි මන්ත්‍රීවරයාට ලබන 11 දින විනය කමිටුවට පැමිණෙන ලෙස දෙවන වතාවටද කැඳවීමක් කර ඇත.

ඒ එච් එම ෆවුසි මහතා සම්භන්ධ පරීක්ෂණ දැනටමත් අවසන් කර ඇති අතර ඔහුව මන්ත්‍රීධූරයෙන් ඉවත්කිරීම පිලිබඳ ලිපියක් දැනටමත් පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත