ශ්‍රීලනිප සුරකින සංවිධානයේ මහ සමුළුව දිනයේ චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානයේ මහා සමුළුව ලබන 05 දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාඟණයේ පැවැත්වීමට නියමිතව ඇත.

මේ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගිවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ඇය මෙම සමුළුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද වාර්තාවේ.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය හා නව ප්‍රජාත්නත්‍රවදී පෙරමුණ අතර ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිත බව වාර්තාවේ.

එසේම මෙම සමුළුවට සහභාගිවන ලෙස එක්සත් ජාතික පෙරමුණට සම්භන්ධ සියලු පක්ෂවලට ආරාධනා කර ඇති බවද දැනගන්නට ඇත.