නවතම පුවත්

ශ්‍රී ලංකාවට කොරෝනා වසංගතයෙන් මිදිය හැකි එකම මග, වසංගත විශේෂඥයින් හෙළිදරව් කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වනවිට මෙරට තුල පවතින සීග්‍ර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවම වශයෙන්  දින 14 ක කාලයක් සඳහා රට වසා දැමිය යුතු බව හොංකොං විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය සහ මැලේරියාව පිළිබඳ හිටපු විශේෂඥ සම්මානිත මහාචාර්ය කමනි මෙන්ඩිස් මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති විශේෂ යෝජනාවලියක දැක්වේ .

කොවිඩ් 19 තත්ත්වය පාලනය සඳහා හා විද්‍යාත්මක උපාය මාර්ගයක් මැයෙන් මෙරටට අදාලව නිකුත් කර ඇති මෙම  යෝජනාවලිය ඔවුන් සකස්කර ඇත්තේ වංසගත රෝග සහ රෝග වැළැක්වීම පිළිබඳ විශේෂඥයින් රැසක් සමග සිදුකෙරුණු සාකච්ඡාවකින් අනතුරුවය.

lanka C news | 'දැන් භයානකයි.. ලංකාවම බිය විය යුතුයි..' වසංගතයෙන් ගොඩ එන එකම පාර වසංගත විශේෂඥවන් දෙදෙනෙකු හෙලි කරයි..

දැනට මෙරට  පැතිරෙමින් තිබෙන කොවිඩ් වෛරස් ප්‍රභේදය පෙර රැළිවලට වඩා වේගයෙන් බෝවන බව එහි සඳහන්  වන අතර කොවිඩ් ආසාදිතයින් කළමනාකරණය සඳහා සෞඛ්‍ය පද්ධතිය සතු ධාරිතාව මේ වනවිට අභිබවා ඇති බැවින් ඉදිරියේදී වළක්වා ගත හැකි මරණ සිදුවිය හැකි බව මෙයින් අවධාරණය කර ඇත

දැනට බලපැවැත්වෙන කුඩා ප්‍රදේශ හුදකලා කිරීම්, අන්තර් පළාත් සංචරණ සීමා , කෙටිකාලීන හා අන්තර්කාලීන වසා දැමීම් හා මානව ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වන මැදිකාලීන සීමා පැනවීම් ඵලදායී නොවන බව ද මෙම යෝජනාවලිය හරහා  පෙන්වා දී තිබේ.

ඒ අනුව  රට වසා දැමීමට නිර්දේශ කරන බවත් එය  ආර්ථිකයට හා ජන ජීවිතයට බලපෑම් යම් තාක් දුරකට සමනය කෙරෙන්නාවූ නිර්දේශ ද  සමග ක්‍රියාත්මක කල යුතු බවත් යෝජනාවලියේ දැක්වේ .

එම නිර්දේශ වන්නේ

🔺අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම.

🔺සෑම දිස්ත්‍රික්කයකම සිල්ලර වෙළෙඳසැල් ඔසුසැල් ඉන්ධන හල් කිහිපයක් විවෘතව තබා ගැනීම.

🔺 එළවළු, පලතුරු , බේකරි නිෂ්පාදන , මත්ස්‍ය නිෂ්පාදන හා අනෙකුත් ආහාර ද්‍රව්‍ය වාහන මගින් බෙදා හැරීමට බලපත්‍ර නිකුත් කිරීම,

🔺ඇණවුම් අනුව බෙදා හැරීමට සීමාවන පරිදි අවන්හල්වල ආහාර පිළියල කිරීමට පමණක් අවසර දීම,

🔺 ආණ්ඩුවේ අත්‍යවශ්‍ය දෙපාර්තමේන්තු පැය කිහිපයක් සදහා පමණක් විවෘත කර සේවා මුර අනුව සීමිත සේවක පිරිසක් පමණක් ගෙන්වා ගැනීම,

🔺 ඕනෑම කර්මාන්ත ශාලාවක හෝ ව්‍යාපාරයක අනුයුක්ත සේවයකයින්ට සිය නිවෙස්වල සිට රාජකාරි කිරීමට ඉඩ සලසා දීම,

🔺 සෞඛ්‍ය අවශ්‍යතාවක් වෙනයම් හදිසි කටයුත්තක් හෝ ආහාර මිලදී ගැනීම සඳහා එක්වරකදී එක් පුද්ගලයෙකුට පමණක් නිවසින් බැහැර වීමට අවසර ලබාදීම.

🔺 හතර දෙනෙකු ඉක්මවන ජනරාශී තහනම් කිරීම.

🔺 එළිමහන් කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව සිදු කර පවත්වාගෙන යාම.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි