නවතම පුවත්

“සුපිරි” වෛරස හදන්න, ඇමෙරිකානු රාජ්‍ය ආයතන , චීනයට සහය දීලා – රිපබ්ලිකන් පක්ෂය චෝදනා නගයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ වුහාන් වෛරස විද්‍යා ආයතනය , කොරෝනා වෛරසයද අදාල කරගනිමින් සිදුකල “අනතුරුදායක” පර්යේෂණයන් සඳහා ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය විසින් මූල්‍යාධාර ලබාදී ඇති බවට එරට රිපබ්ලිකන් පක්ෂය චෝදනා කර සිටී .

විශේෂයෙන්ම වෛරසයන් ජානමය ලෙස නවීකරණය කිරීමට අදාලව වුහාන් රසායනාගාර වල සිදුකල පර්යේෂණයන් සඳහා ( gain-of-function research ) ඇමෙරිකාවේ මෙම ෆෙඩරල් ආයතන මූල්‍ය දායකත්වය සපයා ඇති බව රිපබ්ලිකන් සෙනෙට් සභික රෑන්ඩ් පොල් මහතා පසුගියදා , එරට පැවති විශේෂ සෙනෙට් මණ්ඩල කමිටු රැස්වීමකදී අවධාරණය කර සිටියේය .

සෞඛ්‍ය හා වෛද්‍ය කටයුතු පිලිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ඇන්තනි ෆවුචි මහතා මෙම මූල්‍යාධාර සැපයීමේ කටයුතුවලට අවසර ලබාදීමට හා සහය ලබාදීමට කටයුතු කර ඇති බවටද රෑන්ඩ් පොල් මහතා මෙහිදී චෝදනා කර සිටියේය .

චීනයේ වූහාන් වෛරස විද්‍යා ආයතනය සමග , මෙම අනතුරුදායක පර්යේෂණයන්ට අදාලව දැනුම හා තොරතුරු හුවමාරු කරගැනීමටද ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය කටයුතු කර ඇති බව රෑන්ඩ් පොල් මහතා මෙහිදී සඳහන් කර ඇත.

ඇමෙරිකාවේ සෞඛ්‍ය විද්‍යා ආයතනයේ වෛද්‍ය රැල්ෆ් බැරික් මහතා වසර ගණනාවක සිට චීනයේ වූහාන් වෛරස විද්‍යා ආයතනයේ වෛද්‍ය ශී සෙන්ග්ලී මහතා සමග එක්ව මෙම  වෛරස වැඩිදියුණු කිරීමේ පර්යේෂණ වල යෙදී සිටි බවත් , එම පර්යේෂණ සඳහා ඇමෙරිකානු රජය මූල්‍යාධාර ලබාදුන් බවත් පෝල් මහතා මෙහිදී  අවධාරණය කළේය .

කොරෝනා  කාණ්ඩයටම අයත්  සාර්ස්, මාර්ස් වැනි  වෛරස ප්‍රභේදයන්ද වැඩි දියුණු කිරීම පිලිබඳ පර්යේෂණ මෙහිදී ක්‍රියාත්මක වූ බවත් , එම වෛරස එහිදී සමාජයට කාන්දු වීමේ විශාල අනතුරක්  තිබූ බවත් පෝල් මහතා පැවසීය

වෛරස වල ජාන විකෘති කරමින් , ඒවා වැඩිදියුණු කරමින් සිදුකෙරෙන පර්යේෂණ ලෝකයටම දැඩි තර්ජනයක් වන බවත් එවැනි පර්යේෂණ දැනටත් ඇමෙරිකාවේ රසායනාගාර රැසක සිදුකෙරෙන බවත් පෝල් මහතා මෙහිදී අනාවරණය කර සිටියේය .

කෙසේ වෙතත් අචාර්ය ඇන්තනි ෆවුචි මහතාද මෙම කමිටු රැස්වීමට එක්ව සිටි අතර එහිදී ඔහු පෝල් මහතාගේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේය .

 

YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්