නවතම පුවත්

ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිනියක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ අමෙරිකානු නව තානාපති ලෙස Julie Jiyoon Chung මහත්මිය නම් කර ඇත..

, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ඊයේ මෙම නම් කිරීම සිදුකර ඇති බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත .

විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන ඇය අමත්‍යාංශ උපදේශකවරියක් ලෙස සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර ලේකම්වරියක් ලෙසත් මේ වනවිට කටයුතු කරනු ලබයි.

Julie Jiyoon Chung මහත්මිය ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයිනේ ද තානාපති ලෙස නම් කර තිබෙන අතර මීට පෙර ඇය  කාම්බෝජය, තායිලන්තය, ඉරාකය, කොලොම්බියාව, වියට්නාමය, ජපානය සහ චීනය යන රටවල අමෙරිකානු තානාපති කාර්යාලවල විවිධ තනතුරු දරා ඇති බවද වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්