නවතම පුවත්

මුව ආලේපන , තොල් ආලේපන රැසක , පිළිකාකාරක අඩංගුයි – නවතම පර්යේෂණ වාර්තාවකින් හෙළිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව පුරා බහුලව භාවිතාකෙරෙන රූපලාවන්‍ය නිෂ්පාදන රැසකම , ශරීරයට අහිතකර විෂ රසායනික වර්ග අඩංගු වන බව ඇමෙරිකානු විශේෂඥයින් පිරිසක් විසින් සිදුකරන ලද නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත .

මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ඇමෙරිකාවේ ප්‍රධාන  පෙලේ විද්‍යා ප්‍රකාශනයක් වන Environmental Science & Technology Letters හි දක්වා ඇත.

මෙම පර්යේෂණය සඳහා මේ වනවිට ලොව පුරා භාවිතාවන  ජනප්‍රිය හා සුප්‍රසිද්ධ රූපලාවණ්‍ය නිෂ්පාදන  300 කට ආසන්න සංඛ්‍යාවක් යොදාගෙන ඇති අතර ඒ අතරින් 52% කම   ශරීරයට ඉතා අහිතකර විෂ රසායනිකයන්  ඉහළ මාත්‍රාවකින් අඩංගු වන බව අනාවරණය වී ඇත .

විශේෂයෙන්ම රූපලාවණ්‍ය කටයුතු වලදී බෙහෙවින් භාවිතාවන  foundation cream වර්ගයේ මුහුණු  ආලේපනවල  මෙන්ම තොල් ආලේපන (lipstick ) වර්ගවලද මෙම විෂ රසායන වැඩි වශයෙන් අන්තර්ගත බව , පර්යේෂණයෙන් අනාවරණය වී ඇත .

එසේම මෙම පර්යේෂණයට භාවිතා කල නිෂ්පාදන අතරින් 88% කම , ඒවා නිපදවීමට භාවිතා කර ඇති ද්‍රව්‍ය පිලිබඳ සඳහන් කර නොමැති බවද වාර්තාවේ . මෙසේ නිෂ්පාදනයක අඩංගු සංඝටක මොනවාදැයි හෙළි නොකිරීම  නීති විරෝධී කටයුත්තක් බවද පර්යේෂණ වාර්තාවේ අවධාරණය කර ඇත  .

මෙම තත්වය බරපතල බවත්, රූපලාවන්‍ය නිෂ්පාදන වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා ලොව පුර වඩාත් විද්‍යානුකූල ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බවත් මෙම පර්යේෂණයේ ප්‍රධානියා ලෙස කටයුතු කල විද්‍යාඥ ඩේවිඩ් ඇන්ද්රු මහතා සඳහන් කර ඇත . මෙම රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කරන පුද්ගලයින්ට පිළිකා වර්ග මෙන්ම ශ්වසන රෝග , සමේ ඇතිවන රෝග , ඇතුළු  විවිධ බරපතල රෝගාබාධයන් මතුවීමේ අවදානමක් පවතින බවද ඩේවිඩ් මහතා අවධාරණය කර ඇත .

මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දවක්වමින් ඒ මහතා මෙසේද සඳහන් කර ඇත ,

 “ඉවුම්  පිහුම් වලදී භාවිතාවන නොඇලෙන බඳුන්  නිපදවීමට යොදාගන්න ටෙෆ්ලෝන් (teflon) නමිති රසායනිකය මෙම රූපලාවන්‍ය ආලේපන රැසක හමුවුනා . සංඛ්‍යාත්මකව ගතහොත් ලොව සුප්‍රසිද්ධ වෙළඳ නාම 80 කට අයත් ආලේපන වර්ග 600 කම මෙම රසායනිකය අපට හමුවුනා . එය ශරීරයට දැඩි ලෙස අහිතකරයි . එම රසායනය අඩංගු ආලේපන ශරීරයේ ගැල්වීම හරහා ඉතා භයානක රෝගාබාධ මතුවීම වැළක්විය නොහැකියි . “

මෙම පර්යේෂණයෙදී සලකා බැලූ රූපලාවන්‍ය නිෂ්පාදනවල අඩංගු බවට අනාවරණය වූ , ශරීරයට දැඩි ලෙස අහිතකර  විෂ රසායනික වර්ගයන් කිහිපයක් පහත දැක්වේ ,

කෙසේ වෙතත් මෙම පර්යේෂණ වාර්තාව එලි දැක්වීමෙන් අනතුරුව මෙවැනි විෂ රසායනයන් , රූපලාවන්‍ය නිෂ්පාදනවලට ඇතුලත් කිරීම වැලැක්වීම සඳහා වන විශේෂ පනතක්ද ඇමෙරිකානු සෙනෙට් සභාව වෙත ඉදිරිපත්ව ඇත .

 

මේ පිළිබඳව CNN පුවත් සේවයේ පළවූ ලිපිය 

 

(පැතුම් වික්‍රමරත්න )

[email protected]

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්