අද අළුයම දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපොලේ සිට කොරියානු ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් සහ ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් සහ දකුණු කොරියානු ජාතිකයින් දෙදෙනෙකු මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත බස් රථ මගින් නිරෝධායන කටයුතු වලට රැගෙන ගියා.
ඒ අනුව අද සිට ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන සියළුම මගීන් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමුකිරීමට නියමිතයි.
මීට අමතරව කන්දකාඩුහි පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත ද ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් යොමුකිරීමට තීරණය කර තිබේ.