ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිතයන් 77 න් 48 ක් විදෙස්ගතව පැමිණි අය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් 77න් 48ක්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය. එසේම තවත් 27ක් එම රෝගීන් සමග සමීපව වැඩ කිරීම හේතුවෙන් කොවිඩ් ආසාදනය වූවන් බවද ඇය සඳහන් කළාය.

තවත් දෙදෙනෙකුට කොවිඩ් වැළදී ඇති ආකාරය පිළිබඳව තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඇය සඳහන් කළාය.