නවතම පුවත්

ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය පවත්වාගෙන යාමට චීනයේ සහයෝගය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ  දේශපාලන ස්ථාවරත්වය ජාතික සහයෝගිතාව හා සමගිය පවත්වා ගෙනයාම සඳහා චීනයේ සහය හිමිවන බව  එරට විදේශ අමාත්‍යාංශය අවධාරණය කර සිටී

මාධ්‍ය හමුවකදී නැගුනු පැනයකට පිළිතුරු දෙමින්   චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් කියා සිටියේ මිත්‍රශීලී අසල්වැසියෙකු ලෙස චීනය අවංකවම අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාව දේශපාලන ස්ථාවරත්වය, ජාතික සහයෝගීතාවය සහ සමගිය පවත්වා ගෙන යනු ඇති බවත් එය ජාතික සංවර්ධනයේ වැඩි ජයග්‍රහණ අත්කර ගනු ඇති බවත්ය ..

“මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, තිරසාර සමාජ ආර්ථික සංවර්ධනය, ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල අයිතිවාසිකම් සහතික කිරීම සහ ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් උත්සාහයට චීනය ප්‍රශංසා කරයි” යනුවෙන් ද  මෙහිදී ඔහු පැවසීය.

චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක කියා සිටියේ මානව හිමිකම් පිළිබඳ ද්විත්ව ප්‍රමිතියක් දේශපාලනීකරණයට හා ක්‍රියාවට නැංවීමට චීනය නිරන්තරයෙන් විරුද්ධ වන බවත් අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඊනියා මානව හිමිකම් ගැටලු භාවිතා කරන බවත්ය.“සෑම රටක්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්ම පිළිපැදිය යුතු අතර, වෙනත් රටවල ස්වෛරීභාවයට, දේශපාලන ස්වාධීනත්වයට සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට හා ආරක්ෂා කිරීමට දරන උත්සාහයන්ට ගරු කළ යුතු බවද ඒ මහතා පැවසීය , අන් අයගේ අභ්‍යන්තර කටයුතුවලට බාධා පමුණුවමින් දේශපාලන බලපෑම් ඇති කළ යුතු බවද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පැවසීය

සෑම රටක්ම මානව හිමිකම් ක්‍ෂේත්‍රයේ වෙනස්කම් නිර්මාණාත්මක සංවාද හා සහයෝගීතාවයෙන් විසඳිය යුතු බවත් එමඟින් ජාත්‍යන්තර මානව හිමිකම් අරමුණු සඳහා වන දියුණුව ඒකාබද්ධව ප්‍රවර්ධනය කළ යුතු බවත් වැන්ග් වෙන්බින් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්