නවතම පුවත්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්භන්ධව යුරෝපා සංගමය විමසිල්ලෙන්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ මානව හිමිකම්තත්වය  දැඩි ලෙස නිරීක්ෂණය කිරීමට සැලසුම් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචෙලට් විසින් වගවීම ඉදිරියට ගෙනයාමට සහ ශ්‍රී ලංකාවේ දඩුවම් නොලැබීම අවසන් කිරීමට ඇති මාර්ග පිළිබඳව තක්සේරු කිරීම සඳහා එය ඉතා වැදගත් බව යුරෝපා සංගමය පවසයි.

දැනට පැවැත්වෙන 46 වන සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී කරන ලද ප්‍රකාශයකින් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම පිළිබඳ යළිත් තහවුරු කළේය. ඔවුන් පවසන්නේ 2015 න් පසු සවිස්තරාත්මක මානව හිමිකම් කවුන්සිල ක්‍රියාවලියට ශ්‍රී ලංකා රජය තවදුරටත් සහාය නොදැක්වීම ගැන අපි කනගාටු වන බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමත්, යුද අපරාධ ඇතුළු අතීත උල්ලංඝන සම්බන්ධයෙන් පොරොන්දු දී ඉටු නොකළ යුක්තිය සලසා දීම සඳහාත් ගෙන එනු ලබන යෝජනාවක් සඳහා මාර්තු මාසයේ තුන්වැනි සතියේ ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

දැඩි ස්වරයෙන් යුත් වාර්තාවක් ජිනීවා සමුළුව හමුවේ ඉදිරිපත් කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය “පිරිහෙමින් පැවතීම” ගැන අනතුරු අඟවා තිබේ.

දේපල හා සංචාර තහංචිය ඇතුළු අපරාධකරුවන් ඉලක්ක කොටගත් සම්බාධක පැනවීම, සහ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය යටතේ විමර්ශනය කොට නඩු පැවරීම ඊට ඇතුලත් ය.

ඇගේ වාර්තාව “ශ්‍රී ලංකාවට එරෙහි ඇතැම් කොටස් විසින් නිර්දය ලෙස ලුහුබඳිනු ලබන පූර්ව නිගමනය, දේශපාලනීකරණය සහ අගතිගාමී න්‍යාය පත්‍රය පිළිබිඹු කරන්නක්” ලෙසින් ලංකාණ්ඩුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත් රජය විසින් මහකොමසාරිස්වරියගේ වාර්තාව සම්බන්ධයෙන් ලිඛිතව ලබාදී ඇති පිළිතුරෙහි සඳහන් වන්නේ අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් “අවශ්‍ය විමර්ශන කිරීමෙන් අනතුරුව මරණ සහතික හෝ දක්නට නොමැති බවට සහතික නිකුත් කොට පීඩාවට පත් පවුල් වලට ජීවිකාව සහ වෙනත් ආධාර සලසා දීමට” පියවර ගන්නා බවයි.

පිරිහෙන මානව හිමිකම් තත්වයක අනතුරු ඇඟවමින් ඒ ගැන මහ කොමසාරිස්වරයා කනස්සල්ල පළ කර ඇත. අතීතයේ සිදු වූ දළ මානව හිමිකම් උල්ලංගනයන් වධහිංසා පැමිණවීම සහ අයුතු ලෙස සැලකීම ඇතුළු ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් දඩුවම් නොලැබීම පිළිබඳව ද යුරෝපා සංගමය මෙහිදී සදහන් කර ඇත..

මානව හිමිකම් කවුන්සිලය වසර ගණනාවක් තිස්සේ වගවීමේ අවශ්‍යතාව අවධාරණය කළද දේශීය ක්‍රියාදාමයන් ඉටු නොවීම ගැන කනස්සල්ල පල කර තිබේ. රට තුළ සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටිනු ඇතැයි යුරෝපා සංගමය බලාපොරොත්තු වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්